
ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුව සහ අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය ලබා දී ඇති බවයි Liveat8 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
ඒ අනුව ලබන 16 වන දින දක්වා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුව සහ අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වලක්වාලමින් එම නියෝගය ලබා දී තිබෙනවා.
