
ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුවට අදාළ දෙවන විනිසුරුවරයාත් ඉවත් වී තිබෙනවා.
ඒ අනුව පළමුව ඉවත් වුණේ විනිසුරු මංජුල තිලකරත්න මහතායි.
ඔහු අද (27) පෙරවරුවේ ඒ බව දැනුම් දුන් අතර අනතුරුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද සඳහන් කළේ, තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.
ඒ අනුව මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය මැයි මස 21 වන දා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවන ලෙස නියෝග කෙරුණා.