ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මහ බැංකුවෙන් සහන

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මහ බැංකුවෙන් සහන

පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක්ව ඇති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ පුද්ගලයන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

මහ බැංකුව මගින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මගින් කොවිඩ්-19 වසංගතය සහ ඉන් පසු ඇති වූ සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට ණය සහන ඇතුළුව විවිධ සහන ලබා දීමට යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යූහගත කිරීම අදාළ යෝජනා ක්‍රමවලට ඇතුළත්.

සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ප්‍රවාහන, පාසල් වෑන් රථ, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන උපකාරී වී තිබෙනවා.

ණය සහන කාලසීමා පැවති විවිධ අදියරයන් තුළ මූල්‍ය ආයතන විසින් ණය සහන ඇතුළුව විවිධ සහන ලෙස මිලියන 3.3 කට අධික ඉල්ලීම් ප්‍රමාණයකට අදාළව සමස්තයක් ලෙස රුපියල් බිලියන 5,994 ක මුදලක් අනුමත කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

Share This