කාර්යාලය අමාත්‍යාංශයට ගේන්න – ක්‍රීඩා ඇමතිගෙන් රාජ්‍ය ඇමතිට ලිපියක්

කාර්යාලය අමාත්‍යාංශයට ගේන්න – ක්‍රීඩා ඇමතිගෙන් රාජ්‍ය ඇමතිට ලිපියක්

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන අංශය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රය වෙන ගෙන එන ලෙස දන්වමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් රෝහණ දිසානායක මහතාට ලිපියක් යොමුකර තිබෙනවා.

ක්‍රීඩා රාජ්‍ය ඇමතිවරයාගේ කාර්යාලය පවත්වාගෙන යන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 12වන මහලේ මාසිකව රුපියල් මිලියන 4.2ක කුලී මුදලක් ගෙවමින් බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

එමෙන්ම රාජ්‍ය ඇමතිවරයාගේ කාර්යාලය පවත්වාගෙන යාමට ගෙවන කුලී මුදල ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා යොදාගැනීමට අවශ්‍ය බවයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම ලිපිය පහතින්.

Share This