
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන ශ්රී ලංකාව
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින ක්රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
දෙරට අතර පළමු එක්දින තරගය කඩුලු 06කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර දෙවැනි එක්දින තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
