කාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ තරග වටය අද (06) ආරම්භ වුණා.

ඒ අනුව එහි පළමු තරගය පාකිස්ථානය සහ බංග්ලාදේශය අතරයි පැවැත්වෙන්නේ.

පාකිස්ථානයේ ලාහෝර් නගරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ දී තරගය ආරම්භ වූ අතර එහි කාසියේ වාසිය හිමි වූයේ බංග්ලාදේශ කණ්ඩායමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමටයි ඔවුන් තීරණය කළේ.

එසේම ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය පරදා සුපිරි ජයක් ලැබීමත් සමග ඔවුන් ද සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

මේ අතර ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සඳහා සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.

Share This