
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – තරගයට වර්ෂාව හරස් වෙයි
සංචාරක පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ වනවිට ආරම්භ වී ඇති අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
එහි කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5යි පන්දු 05ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබාගෙන සිටියා.
නිශාන් මධුෂ්ක පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වුණේ පන්දු 09කදී ලකුණු 04ක් පමණක් රැස් කරගනිමින්.
මේ වනවිට කඩුල්ලේ රැඳී සිටින දිමුත් ලකුණු 06ක් ලබාගෙන සිටින අතර කුසල් මෙන්ඩිස් ලකුණු 08ක් ලබාගෙන සිටිනවා.
