
කාසියේ වාසිය B-Love Kandy කණ්ඩායමට
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ නවවන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
මෙහිදී තරගවදින්නේ ප්රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායමයි.
තරගය, මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගණයේ පැවැත්වෙන අතර තවත් සුලු මොහොතකින් එය ආරම්භ වනු ඇති.
මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
එසේම මෙම තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.
