කැනේඩියානුවන් සඳහා ඉන්දියාව වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවීමෙන් සංචාරක ගැටලු රැසක්

කැනේඩියානුවන් සඳහා ඉන්දියාව වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවීමෙන් සංචාරක ගැටලු රැසක්

කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා සේවා අත්හිටුවන බව ඉන්දියාව ප්‍රකාශ කළ දා සිට ඉදිරි මාස කිහිපය තුළ සංචාරය කිරීමට සැලසුම් කර ඇති අය මෙම තහනමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන කණස්සල්ලට පත්ව සිටින බව එරටට සංචාර සංවිධානය කරන එක්ස්ප්ලෝර් ඉන්ඩියා හි සේවය කරන රාධිකා ෂර්මා පවසා තිබෙනවා

වීසා බලපත්‍රයක් අතේ ඇති සංචාරකයින්ට ගැටලුවක් නොවන නමුත් තවමත් අයදුම් කර නොමැති අයට එය ලබා ගන්නේ කෙසේද යන්න විශ්වාස නැති බවයි ඇය පවසන්නේ

ඉන්දියාවේ මෙම ප්‍රකාශයෙන් පසුව සංචාරකයින් සඳහා සංචාරක ගැටලු රැසක් පැන නැගී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කැනේඩියානු භූමියේදී සීක් බෙදුම්වාදියෙකු ඝාතනය කිරීම පිටුපස ඉන්දියාව සිටිය හැකි බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් කරන ලද චෝදනාවකට අනුව මෙම පියවර ගෙන ඇති අතර ඉන්දියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා

ඉන්දියානු සම්භවයක් ඇති කැනඩාවේ මිලියන 1.86 ක පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙකුට, වීසා තහනමේ බලපෑම බාධාවක් නොවන නමුත්, රට තුළ ඔවුන්ගේ අනාගතය පිළිබඳව යම් යම් ප්‍රශ්න මතු විය හැකි බවයි සඳහන් වන්නේ

ඉන්දියානු පුරවැසිභාවය ඇති අයට තවමත් නිදහසේ ඉන්දියාවට පැමිණීමට හැකියාව තිබෙනවා

ඉන්දියාවෙන් පිටත ජීවත් වන ඉන්දියානු ජාතිකයින්ට ජීවිත කාලය තුළ රට තුළට ඇතුළු වීමට ඉඩ සලසන අතර එතෙර පුරවැසි කාඩ්පතක් සහිත කැනේඩියානු පුරවැසියන්ටද එසේ කළ හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This