“කැබිනට් සංශෝධනයේ ඉලක්කය පවිත්‍රා”- ජවිපෙ කියන දේ
ආණ්ඩුව හිටි හැටියේම කැබිනට් සංශෝධනයක් සිදු කළේ සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉවත් කිරීම ඉලක්ක කොටගෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද කරුණු සාකච්ඡා කළා.
කොවිඩ් රැල්ලෙන් රැල්ල එනවිට ආණ්ඩුව සිදුකළේ කොවිඩ් මර්දන ක්‍රියාවලියේ සිටි ඉහළ සෞඛ්‍ය බලධාරීන් වන විශේෂඥ වෛද්‍යවරුන් වන අනිල් ජාසිංහ, පබා පලිහවඩන, සුදත් සමරවීර, ජයරුවන් බණ්ඩාර, අමල් හර්ෂ ද සිල්වා වැනි අය ඉවත් කිරීම බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී චෝදනා කර තිබෙනවා.