කැරිබියානු මුහුදේ දිය යට නිර්මාණය කරන ලද මූර්ති (PHOTOS)

කැරිබියානු මුහුදේ දිය යට නිර්මාණය කරන ලද මූර්ති (PHOTOS)

කෙන්ට් හි කලාකරුවෙකු කැරිබියානු මුහුදේ දිය යට මූර්ති ස්ථාපනයක් නිර්මාණය කර තිබෙනවා .

මෙම නිර්මාණය Granada හි ප්‍රාදේශීය ප්‍රජාවේ සාමාජිකයින්ගේ ජීවමාන ප්‍රමාණයේ මූර්ති 25 කින් සමන්විත වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

කැන්ටබරි හි මූර්ති ශිල්පී Jason deCaires Taylor විසින් මෙම කලා කෘතිය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ

එය Coral Carnival ලෙස නම් කර ඇති බව සඳහන්

ස්වර්ණාභරණ, සීකුවින්ස් සහ පිහාටු වලින් සරසා ඇති මෙම මූර්ති ඉහළ ශ්‍රේණියේ මල නොබැඳෙන ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කර ඇති බවයි ඔහු පවසන්නේ

Grenada සංචාරක අධිකාරියේ (GTA) ප්‍රධාන විධායක නිලධාරී Randall Dolland පැවසුවේ, “මෙම ව්‍යාප්තිය නරඹන්නන්ගේ අත්දැකීම වැඩි දියුණු කරනවා පමණක් නොව, අපේ ජාතියේ සංස්කෘතික සම්බන්ධතාවය ගැඹුරු කරන බවයි.”

Share This