කැලණිය සරසවියේ උපාධි පාඨමාලා දෙකක යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවයි

කැලණිය සරසවියේ උපාධි පාඨමාලා දෙකක යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවයි

කැලණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන උපාධි පාඨමාලා දෙකක යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 22 වනදා දක්වා සිදු කෙරෙන බව එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය පවසනවා.

ඒ අනුව ක්‍රීඩා විද්‍යාව විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව (ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය) සහ සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සඳහා වන යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම මෙලෙස සිදු කෙරෙන බව සඳහන්.

අදාළ යෝග්‍යතා පරීක්ෂණ සඳහා වන අයදුම්පත් https://aptitudetest.kln.ac.lk ඔස්සේ ලබාගත හැකි වනවා.

එමෙන්ම ක්‍රීඩා විද්‍යාව විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු ලබා ගැනීමට 076 244 6 528 යන දුරකථන අංකයත් හඳුන්වා දී ඇති අතර අදාළ අයදුම්පත් [email protected] විද්‍යුත් තැපෑල වෙත යොමු කළ හැකි බව සඳහන්.

සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සඳහා වන යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳව වැඩිදුර තොරතුරු 071 600 5 600 සහ 076 620 7 773 යන දුරකථන අංක මගින් ලබා ගත හැකි අතර [email protected] යන විද්‍යුත් තැපෑලට යොමු කළ හැකි වනවා.

Share This