කැලිෆෝනියාවේ ගස් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට (VIDEO)

කැලිෆෝනියාවේ ගස් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට (VIDEO)

ප්‍රබල කුණාටුවක් නිසා කැලිෆෝනියාවේ ගස් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවන් රැසක් සිදුව ඇති බවත් සහ විදුලිය ඇණහිටීම් සිදුව ඇති බවත් සඳහන්

ගංවතුර සිදුවීම් 130කට අධික සංඛ්‍යාවකට නිලධාරීන් ප්‍රතිචාර දක්වා ඇති අතර ගංවතුර ආරම්භයේ සිට ගලවා ගැනීමේ කටයුතු කිහිපයක් සිදු කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

හදිසි ගංවතුර තත්ත්වය සමග පවතින අධික වර්ෂාව දින කිහිපයක් පවතිනු ඇතැයි විශ්වාසය පළ කෙරෙනවා

වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රාන්ත අටක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවද සඳහන්

Share This