
කැලේට ගිය ආදිවාසී ජනඋරුම කේන්ද්‍ර කෞතුකාගාරය
ආදිවාසී ජනඋරුම කේන්ද්‍රයේ වැඩකටයුතු කඩිනමින් අවසන් කර, එය සිය අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීමට අවස්ථාව උදාකරදෙන ලෙස දෙහිඅත්තකණ්ඩිය, හේනානිගල ආදිවාසී ජනතාව රජයෙන් ඉල්ලා සිටිනවා.
2013 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මේ වන විට අතරමග නැවතී ඇති බවයි ඔවුන් පවසන්නේ.
මුල්වරට පවුල් 105ක් පදිංචි කරවමින් 1983 වසරේදී දෙහිඅත්තකණ්ඩිය, හේනානිගල ආදිවාසී ගම්මානය ආරම්භ කළා.
මහවැලි සී කලාපයට අයත් එම ගම්මානයේ මේ වන විට ජීවත්වන ආදිවාසී පවුල් සංඛ්‍යාව 650ක්.
මේ අතර 2013 වසරේ ආදිවාසී සැමරුම් උත්සවය හේනානිගලදී පැවැත්වීමට පියවර ගත් අතර, එහි ප්‍රතිපලයක් ලෙස ආදිවාසී ජනඋරුම කේන්ද්‍රය නමින් කෞතුකාගාරයක් ඉදිකිරීමට ද මුල්ගල තැබුණා.
ඒ, එවකට සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ටී.බී. ඒකනායක මහතා විසින්.
කෙසේ වෙතත් එලෙස ආරම්භ වූ එම ගොඩනැගිලි සංකීර්ණය අද පවතින්නේ මෙවැනි තත්ත්වයකයි.
එමෙන්ම ශාලා, කාමර, කාර්යාල සංකීර්ණ ඇතුලු ඉදිකිරීම් අද පවතින්නේ අබලන් තත්ත්වයකයි.
විදුලි බුබුළුල විදුලිපංකා සංවිකර ඇතත් මේ වන විට ගොඩනැගිල්ලේ විදුලිය විසන්දි කර ඇති බවද ආදිවාසීන් පවසනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම කෞතුගාරයේ ඉදිකිරීම් කඩිනම් කර, තම ජනජීවිතය නගා සිටුවන මධ්‍යස්ථානයක් බවට මෙය පත්කර දෙන ලෙසයි.