කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක්

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක්

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නියැලී සිටින පිරිසගේ රැකියා අවදානම සලකා බලා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.

මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් 500,000/-, රුපියල් 1,000,000/- සහ රුපියල් 2,000,000/- යන රක්ෂිත ආවරණ, මරණයකදී සහ පුර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවන අතර තාවකාලික අකර්මණ්‍යතාවලදී මෙන්ම හදිසි අනතුරු මඟින් රෝහල් ගත වීමේදී ද රක්ෂණ ආවරණ ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය නිකුත් කළ නිවේදන‍යේ සඳහන් වෙයි.

මෙම රක්ෂණ ආවරණ සඳහා රුපියල් 2,000/- රුපියල් 4,000/- සහ රුපියල් 8,000/- ක වාර්ෂික වාරික මට්ටම් යටතේ දායක වීමට අවස්ථාව සලසා දීමට එම මණ්ඩලය සැලසුම් කර තිබේ.

එම නිවේදනය පහතින්,

Share This