කිඹුල් කඳුළු හෙළන අගමැතිවරිය

කිඹුල් කඳුළු හෙළන අගමැතිවරිය

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර විනාශ වූ දුම්රිය ස්ථානයකදී හඬා වැටෙන බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ඡායාරූපයක් විදෙස් මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු දැක්වෙනවා.

කෙසේවෙතත් එරට ජනයා අගමැතිවරිය “කිඹුල් කඳුළු” හෙලූ බවට චෝදනා එල්ල කර ඇති බව සඳහන්.

පොලිසිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර රටපුරා ඇති වූ ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු මිය ගොස් තිබුණු අතර ඇතැමුන් පවසන්නේ මියගිය පිරිස් වෙනුවෙන් අගමැතිවරිය ඒ අයුරින් කණගාටු නොවුණ බවයි.

Share This