
කිරින්දේදි අයිස් සමඟ මාට්ටු 7දෙනා දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
කිරින්දේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් එම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නියමිත යි.
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තා.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දික්වැල්ලේ ‘රන් මල්ලි’ ගේ බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
