
කිරි ගව හොරු අල්ලන්නෙ නෑ කියා ගිරාදුරුකෝට්ටේ ජනතාව විරෝධතාවක
” කෝටි ගණන් දි පිට රටින් හරක් ගේනවා රටේ දියර කිරි කර්මාන්තය දියුණු කරන්න. ඒත් පොලිසියට බැරි උනා මේ දුප්පත් අපි ජිවත් කරවන කිරි එළ දෙනුන් ටික හරක් ජාවාරම් කාරයන්ගෙන් බේරලා දෙන්න” යැයි කියමින් මීගහහේන ගම්වාසීන් අද(27) විරෝධතාවයක නිරත වුණා.
ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණේ මහියංගණය, ගිරාදුරුකෝට්ටේ මාර්ගය, කහනියගොඩ හන්දියෙන් හරස් කරමින්.
කහනියගොඩ, මීගහහේන, ගල්පේරුයාය, දෙමටන්ඇල්ල ආදි ගම්මාන රැසක කිරිගවයන් 100කට වාඩා වැඩි ප්‍රමාණයක් පසුගිය සමයේ හරක් හොරුන් සොරකම් කර ඇති බවට ගම්වාසීන් චෝදනා කරනවා.
ගිරාදුරුකෝට්ටේ පොලිසියෙන් සාධාරණයක් සිදු නොවන බවට චෝදන එල්ල කිරිම හේතුවෙන් විරෝධතාව පැවති ස්ථානයට මහියංගණ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් පැමිණියා.
පසුව ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති මැදිහත්ව ගම්වාසින් ඉදිරියේ ගැටළුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද පැහැදිලි කිරිමත් සමඟ විරෝධතාවය අවසන් කෙරුණා.



