කිරි ගොවිපලක ඇතිවූ පිපිරීමකින් ගවයින් 18,000ක් මිය යයි

කිරි ගොවිපලක ඇතිවූ පිපිරීමකින් ගවයින් 18,000ක් මිය යයි

ටෙක්සාස්හි කිරි ගොවිපලක සිදුවූ පිපිරීමකින් ගවයින් 18,000 ක් පමණ මිය ගොස් තිබෙනවා.

ඩිමිට් නගරයට නුදුරින් පිහිටි සවුත් ෆෝක් ඩේරි හි සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම මධ්‍යස්ථානයේ තිබූ යන්ත්‍රෝපකරණවලින් මීතේන් වායුව කාන්දු වීමක් නිසා පිපිරීම සිදුවන්නට ඇතැයි බලධාරීන් සඳහන් කරනවා.

2018 සිට 2021 දක්වා කාලය තුළ එක්සත් ජනපදය පුරා ඇති වූ ලැව් ගින්නෙන් මිලියන තුනකට ආසන්නව ගොවිපල සතුන් මියගොස් තිබෙනවා.

Castro County Sheriff’s කාර්යාලය පවසන්නේ පසුගිය අඟහරුවාදා 19:21 ට පමණ ගොවිපලේ ගින්නක් පිළිබඳ වාර්තාවක් ලැබුණු බවයි.

පොලිසිය සහ හදිසි අවස්ථා නිලධාරීන් එම ස්ථානයට පැමිණි විට, සිරවී සිටි එක් පුද්ගලයෙකු බේරාගෙන අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා.

ගින්නෙන් සහ දුමෙන් මිය ගිය ගවයින්ගේ නිශ්චිත සංඛ්‍යාව තවමත් නොදන්නා අතර, දැනට ගවයින් 18,000ක් පමණ මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

Share This