කිරි වලින් නැහැවී අවසන් ගමන් ගිය තරුණයාගේ රිය අනතුර

කිරි වලින් නැහැවී අවසන් ගමන් ගිය තරුණයාගේ රිය අනතුර

මැදවච්චිය – මන්නාරම් මාර්ගයේ සියඹලාගස්කඩ ප්‍රදේශයේදි සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහලගතකර තිබෙනවා.

මන්නාරම දෙස සිට මැදවච්චිය දෙසට ගමන්ගත් අංක NW LK 7010 දරණ දියර කිරි පැටවූ බවුසරයේ , මැදවච්චිය සිට මන්නාරම දෙසට ගමන්ගත් ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් ගැටී එම මාරක අනතුර සිදුව තිබුණා.

අප වාර්තාකරු පැවසුවේ එම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් වයස අවුරුදු 22 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදිම මියගොස් ඇති අතර යතුරු පැදියේ පසුපස අසුනේ ගමන් ගත් එම තරුණයාගේ කිරි අම්මා වන වයස අවුරුදු 58 කාන්තාව බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කර ඇති බව‍යි.

මෙම කිරි ප්‍රවාහනය කළ ලොරිය පෙරළිගොස් සිදු වූ අනතුරින් ඊට යටවී මෙම තරුණායා කිරි වලින් නැහැවී ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.

ජීවිතක්ෂයට පත් තරුණයා එම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

ලොරි රථයේ රියදුරු මැදවච්චිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

Share This