කිසිදු ආකාරයක ආරක්ෂාවක් නොමැතිව මී මැස්සන් හීලෑ කරන ඉතියෝපියාවේ තරුණයෙක්

කිසිදු ආකාරයක ආරක්ෂාවක් නොමැතිව මී මැස්සන් හීලෑ කරන ඉතියෝපියාවේ තරුණයෙක්

ඉතියෝපියාවේ Asosa හි ජිවත්වන Tamirat Getachew ගේ මී මැස්සන් හීලෑ කිරීමට තිබෙන හැකියාව පිළිබඳව එරට බොහෝ මිනිසුන් මවිතයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

18-හැවිරිදි මෙම තරුණයා කිසිදු ආකාරයක ආරක්ෂාවක් නොමැතිවයි මී මැස්සන්ට ඔහුගේ හිස, පපුව සහ ශරීරයේ වැසීමට ඉඩ දී ඇත්තේ .

වැඩිදුරටත් ඔහු පවසන්නේ “එය තෑග්ගක් බවත් මී මැසි ගොවිපල පසුකර යන විට මී මැස්සන් පැමිණ ඔහුගේ ශරීරයේ වැසූ බවත්ය

පසුව මී මැස්සන් ඔහු පවසන දෙයට අවධානය යොමු කිරීමට පටන් ගත් බවත් සඳහන් කරනවා

කෙසේ වෙතත්, ඔහුගේ ඥාතීන් සහ අසල්වැසියන් මී මැස්සන් අනතුරුදායක විය හැකි බැවින් ඔවුන් අසලට නොයන ලෙසටයි ඔහුට අනතුරු අඟවා තිබුණේ

එමෙන්ම මී මැස්සන් දෂ්ට කිරීම මාරාන්තික විය හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This