කීර්ති නාමයට හානි කළැයි ඇමති ප්‍රසන්නගෙන් දයාසිරිට එන්තරවාසියක්

කීර්ති නාමයට හානි කළැයි ඇමති ප්‍රසන්නගෙන් දයාසිරිට එන්තරවාසියක්

අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

තමන්ට ලැබුණු සුරාබදු බලපත්‍රයක් ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙකුගේ නමට නිකුත්කර ඇති බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ගෙවන ලෙසයි අමාත්‍යවරයා, දයාසිරි ජයසේකර මහතා වෙත මෙම එන්තරවාසිය යොමුකර තිබෙන්නේ.

තම නීතිඥවරයාගේ මඟින් මෙම එන්තරවාසිය යොමුකරමින් අමාත්‍යවරයා, මන්ත්‍රීවරයාට දැනුම්දී ඇත්තේ අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල හා ඒ මත නෛතික පොළියද, නඩු ගාස්තු අය කරමින් නඩු පවරන බවයි.

Share This