කීරි සම්බා වෙනුවට අලුතින් එන සහල් වර්ගය

කීරි සම්බා වෙනුවට අලුතින් එන සහල් වර්ගය

පෞද්ගලික අංශය මඟින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් තොගය ආනයනය කිරීමටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මත අදාළ තීරණය ගෙන ඇති අතර ඊට පසුගිය නොවැම්බර් මස 20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණා.

Share This