
කුවේට් රාජ්‍යයේ ගොඩනැගිල්ලක ගින්නක් – 35 දෙනෙකු මරුට
කුවේට් රාජ්‍යයේ විදේශික ශ්‍රමිකයින් වැඩි වශයෙන් සිටින නේවාසික ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 35 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා.
ගින්නෙන් තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගින්න ඇතිවන අවස්ථාවේ එහි ශ්‍රමිකයින් විශාල පිරිසක් නවාතැන් ගෙන සිටි බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
අදාළ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකක කටයුතු කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එම නේවාසික ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.