කුසල්ගෙන් අර්ධ ශතකයක්

කුසල්ගෙන් අර්ධ ශතකයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන තරගයේ දී කුසල් පෙරේරා අර්ධ ශතකයක් වාර්තා කළා.

පන්දු 28කදී ඔහු ලකුණු 51ක් රැස් කළ අතර ඊට හයේ පහර 02ක් සහ හතරේ පහර 09ක් ඇතුළත්.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පළමුව පන්දු රැකීම තෝරාගත්තා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 144ක් ලබාගෙන සිටින අතර ක්‍රියාත්මක වන්නේ තරගයේ 37වන පන්දුවාරයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 09ක් මේ වනවිට අහිමි ඇති අතර කණ්ඩායම අසීරු අඩියක පසුවනවා.

Share This