
කුසල්ගෙන් ලකුණු 150ක්
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන පෙරහුරු තරගයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 150ක් වාර්තා කිරීමට සමත් වුණා.
කුසල් පන්දු 84කදී ලකුණු 150ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හතරේ පහර 19ක් සහ හයේ පහර 9ක් ඇතුලත්.
කෙසේවෙතත් ලකුණු 158ක් ලබාගෙන සිටිය දී පිටියෙන් ඉවත් වීමට ඔහු තීරණය කළා.
අද දිනයේ දසුන් ශානක තරගයට සහභාගී නොවන අතර ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස් විසින් වීම ද විශේෂත්වයක්.
