
කන්තලේ සීනි සමාගමේ ඉඩම් බඩඉරිඟු වගාව සඳහා ලබාදීමේ වැඩසටහන
කෘෂිකර්ම ඇමති කන්තලේ පැමිණි වෙලාවේ ගොවීන් පිරිසක් කළ වැඩේ
රට තුළ ජනතාවාදී පාලනයක් ස්ථාපිත වී ඇති බැවින් සියලු ජනතාවට ඕනෑම කාරණයක් ආණ්ඩුවේ බලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
කන්තලේ සීනි සමාගමේ ඉඩම් බඩඉරිඟු වගාව සඳහා ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා.
කන්තලේ සීනි සමාගමේ ඉඩම් අක්කර 2000ක් බඩඉරිඟු වගාවක් සඳහා ලබාදීමේ කටයුතු ඊයේ (11) සිදුවුණා.
ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
කෙසේ වෙතත් මෙම ස්ථානයට පැමිනි ගොවීන් පිරිසක් විරෝධය පළ කළේ තම ඉඩම් කන්තලේ ඉඩම් කොමසාරිස්වරයා විසින් සිය හිතවතුන්ට ලබාදී ඇති බවට පවසමින්.