කෙන්යාවේ ගෑස් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

කෙන්යාවේ ගෑස් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

කෙන්යාවේ නයිරෝබි අගනුවර පසුගිය බ්‍රහස්පතින්දා(01) සිදුවූ ගෑස් පිපිරීමකින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසනවා

ඒ කෙන්යාටා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (04) ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවයි

තවත් පනස් දෙදෙනෙක් විවිධ සෞඛ්‍ය පහසුකම් යටතේ ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක ගෑස් සිලින්ඩර පටවාගත් ලොරියක ඇතිවූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

බලධාරීන් මෙම ගෑස් පිරවුම් පහසුකම නීති විරෝධී ලෙස විස්තර කර ඇති අතර මීට පෙරද එය දෙවතාවක් නවතා දැමූ බවද පවසා සිටියා.

ගෑස් කම්හල් හිමිකරු යැයි කියන Derrick Kimathi ඇතුළු පිපිරීමට සම්බන්ධ සැකකරුවන් හත් දෙනෙකු ලුහුබඳිමින් සිටින බවද කෙන්යානු පොලිසිය පවසනවා

එමෙන්ම ජනාධිපති විලියම් රූටෝ, මෙම ගෑස් කම්හල නේවාසික ප්‍රදේශයක ක්‍රියාත්මක වීමට ඉඩ දීම සම්බන්ධයෙන් අදක්ෂ සහ දූෂිත රජයේ නිලධාරීන්ට දොස් පවරා තිබෙනවා

Share This