කෙන්යාවේ ,නයිරෝබි හි ගුවන් අත්තුරකින් 6 මරුට

කෙන්යාවේ ,නයිරෝබි හි ගුවන් අත්තුරකින් 6 මරුට

කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි වෛද්‍ය පුණ්‍යායතනයකට අයත් සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රාදේශීය නිලධාරියෙක් පවසනවා.

එරට ආරංචි මාර්ග සදහන් කළේ සෙස්නා ගුවන් යානය බ්‍රහස්පතින්දා දහවල් විල්සන් ගුවන්තොටුපළෙන් ගුවන් ගත වී සෝමාලියාවේ හර්ගීසා බලා යමින් සිටියදී නයිරෝබි හි ගිතුරායි ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිල්ලක් මතට කඩා වැටී ගිනිගෙන ඇති බවයි.

කියම්බු ප්‍රාන්ත කොමසාරිස් හෙන්රි වෆුලා පැවසා ඇත්තේ යානයේ සිටි සිව් දෙනෙකු වෛද්‍යවරුන්, හෙදියන් සහ නියමුවා ඇතුළු සිව් දෙනෙකු මිය ගිය බව හා, බිම සිටි තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ බවයි.

අනතුරට හේතුව තහවුරු කිරීම සඳහා විමර්ශකයින් එම ස්ථානයට යවා තිබෙනවා.

Share This