කෙන්යාවේ නාය යාමක් -5 දෙනෙකු අතුරුදන්-

කෙන්යාවේ නාය යාමක් -5 දෙනෙකු අතුරුදන්-

මධ්‍යම කෙන්යාවේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම නාය යාම සිදුව ඇති අතර අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව අදාළ මෙහෙයුම් සඳහා රතු කුරුස සංවිධානයේ ද සහය හිමිව තිබෙනවා.

මේ අතර කෙන්යාවට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 228 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This