
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා රැගත් ගුවන් යානය කටුනායකට
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා රැගත් UL365 ගුවන් යානය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට කටුනායක ගුවන්තොතුපළට මීට සුළු වේලාවකට පෙර පැමිණියා.
අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සෙසු පාතාල සාමාජිකයින් අතර, තවත් ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට පැවසෙන කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන්, තැබිලි ලහිරු වනවා.