
කෙහෙල්බද්දර පද්මේ මලයාසියා අත්අඩංගුවේ
මලයාසියාවේදී අත් අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරධ කල්ලි සමාජිකයින් වන මනුදිනූ පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ සමීපතමයකු ලෙස සැලකෙන කොමාන්ඩෝ සලින්ත මලයාසියානු පොලීසියේ අත්අඩංගුවට පතව ඇතැයි තොරතුරු වාර්තා වනවා.
ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ මලයාසියාවේ සිට තායිලන්තයට දේශසීමා උල්ලංඝනය කරමින් බෝට්ටුවකින් පළායමින් සිටියදී බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මලයාසියාව මෙතෙක් නිල වශයෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී නැහැ.
මලයාසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් පිරිස අතර ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි සිටින්නේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.