
කෙහෙළිය ගෙ දුවට මාසයකට ලක්ෂ 13 ක් ගෙවීම ගැන අල්ලස් කොමිසමට සේනාධිපති උත්තර බදී
ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියා.
ඒ අමාත්‍යාංශ සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කරමින් සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියකට මාස 14 ක් මසකට ලක්ෂ 13 බැගින් ඇවන්ගාඩ් සමාගමෙන්ද වැටුප් ගෙවීම සම්බන්ධව පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
තමන් එම සමාගමෙන් මෙලෙස මුදල් ලබා ගත් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය අල්ලස් කොමිසමට පවසා තිබුණේ තමන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳ කෙරුණු විමර්ශනයකදීය.