කෙහෙළිය යළි රිමාන්ඩ් -හිටපු සෞඛ්‍ය ලේකම්ට සහ අතිරේක ලේකම්ට ඇප

කෙහෙළිය යළි රිමාන්ඩ් -හිටපු සෞඛ්‍ය ලේකම්ට සහ අතිරේක ලේකම්ට ඇප

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සිව් දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ලබන 22 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත ගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ එහි හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුවට අදාළ විමර්ශනවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගැනුණා.

Share This