කේට් කුමරිය දැන් සුවෙන් – විලියම් කුමරු කියයි (VIDEO)

කේට් කුමරිය දැන් සුවෙන් – විලියම් කුමරු කියයි (VIDEO)

පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු කැතරින් කුමරියට ප්‍රතිකාර ආරම්භ කළ නිසා ඇය සුවෙන් පසුවන බව විලියම් කුමරු පවසනවා.

ස්සිලි දූපතේ පිහිටි ශාන්ත මරියා ප්‍රජා රෝහල වෙත ගිය අවස්ථාවේදී විලියම් කුමරු මේ ගැන පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රෝහල අසල ඉඩමේ ඉදිකරන නව සෞඛ්‍ය හා සමාජ සත්කාරක මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට විලියම් කුමරු එහි ගොස් තිබුණා.

මෙම සංචාරය, කෝර්න්වෝල් ආදිපාදවරයා බවට පත්වීමෙන් පසු විලියම්ගේ ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරනවා.

කෝර්න්වෝල් ආදිපාදවරයා තනතුර ඔහුගේ වේල්ස් කුමර පදවියට අමතරව ඔහු දරණ තනතුරක් බව සඳහන්.

එහිදී විලියම් කුමරු නව ඒකාබද්ධ සෞඛ්‍ය හා සමාජ සත්කාරක පහසුකමක් සඳහා පුළුල් ව්‍යාපෘතියක් ගැන දැන ගැනීමට හියු නගරයේ රෝහලේ කාර්ය මණ්ඩලය හමුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This