කේබල් මෝටර් රථයක කේබලයක් කැඩී 8 දෙනෙක් උඩු ගුවනේ

කේබල් මෝටර් රථයක කේබලයක් කැඩී 8 දෙනෙක් උඩු ගුවනේ

කේබල් මෝටර් රථයක කේබලයක් කැඩී උඩු ගුවනේ සිරවී සිටින 8 දෙනෙකු බේරා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය පවසනවා

පාකිස්ථාන ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එහි එක් කේබල් එකක් කැඩී යාමක් හේතුවෙන් කේබල් මෝටර් රථය අඩි 900 පමණ උසක සිරවී ඇති බවයි.

මෙම කේබල් කාර් රථය තුළ සිරවී සිටින පුද්ගලයින් අට දෙනා අතර ළමුන් හය දෙනෙකු ද සිටින බව නිලධාරීහු පවසනවා

කුඩා ළමුන් පාසල් යාම සඳහා මිටියාවත තරණය කිරීමට මෙම කේබල් මෝටර් රථයෙන් දුරස්ථ කඳුකර ප්‍රදේශයක ගමන් කරන අතරමගදී අඩි 1,200 පමණ උසකින් කේබලයක් කැඩී ගොස් තිබෙනවා

හෙලිකොප්ටර් යොදා ගනිමින් ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කරන බවයි පාකිස්ථාන හමුදාව දැනුම් දී ඇත්තේ

Khyber Pakhtunkhwa (KP) ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Syed Hammad Haider පැවසුවේ කේබල් කාරය බිම සිට අඩි 1,000 සිට 1,200 දක්වා ඉහළට එල්ලා ඇති බවයි.

Share This