කේරළයේ නායයාමකින් මියගිය පිරිස 106 දක්වා ඉහළට

කේරළයේ නායයාමකින් මියගිය පිරිස 106 දක්වා ඉහළට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාද් දිස්ත්‍රික්කයේ නායයාමකින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 128 දෙනෙකු තුවාල ලබා ඇති අතර බොහෝ පිරිසක් තවදුරටත් සිරවී ඇති බවයි

එම ප්‍රදේශයට පැවති අධික වර්ෂාවෙන් කඳු බෑවුම් කඩා වැටීමෙන් මඩ, ජලය සහ ගල් පෙරළීමෙන් ඇති විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ

විපතට පත්වූවන්ගෙන් වැඩි දෙනෙක් තේ වතු කම්කරුවන් සහ කුඩා නිවාසවල හෝ තාවකාලික නිවාසවල ජීවත් වූ අය බව සඳහන්.

Share This