කේරළයේ පැතිර යන මාරාන්තික Nipah වෛරසය නිසා පාසල් වසා දමයි

කේරළයේ පැතිර යන මාරාන්තික Nipah වෛරසය නිසා පාසල් වසා දමයි

දකුණු ඉන්දියාවේ කේරළය ප්‍රාන්තයෙන් වාර්තා වූ Nipah වෛරසය වැළඳි පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමෙන් පසුව, එය පැතිරීම වැළැක්වීම සඳහා පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කේරළ ප්‍රධාන අමාත්‍ය Pinarayi Vijayan කියා සිටියේ ප්‍රාන්තයේ Kozhikode දිස්ත්‍රික්කයෙන් වෛරසය හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසද ජනතාවට දැනුම්දී තිබෙනවා.

වෛරසයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 2018 සිට ප්‍රාන්තයේ සිව්වන මරණය බවයි.

Nipah යනු ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන zoonotic වෛරසයකි.

කෙසේ වෙතත්, එය අපිරිසිදු ආහාර හරහා හෝ මිනිසුන් අතර සෘජු සබඳතා මගින් සම්ප්‍රේෂණය කළ හැකි වනවා.

රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානවලට අනුව, රෝග ලක්ෂණ බොහෝ විට හිසරදය සහ නිදිබර ගතිය සමග ආරම්භ වන නමුත් දින කිහිපයක් ඇතුළත ඉක්මනින් කෝමා තත්ත්වයට පරිවර්තනය වන බව සඳහන්.

මෙම වෛරසය සඳහා දැනට එන්නතක් නොමැති අතර, පවතින ප්‍රතිකාර ඉතා සීමිත වනවා.

මේ වන විට කේරළයේ පුද්ගලයන් 700 කට වැඩි පිරිසක් වෛරසය වැළඳී ඇති අය සමග සමීප සබඳතා ඇති බවට හඳුනාගෙන ඇති අතර ඔවුන්ව මේ වන විට පරීක්‍ෂා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This