කේරළයේ රතිඤ්ඤා ගබඩාවක පිපිරීමෙන් අයෙක් මරුට – නිවාස 25කට හානි

කේරළයේ රතිඤ්ඤා ගබඩාවක පිපිරීමෙන් අයෙක් මරුට – නිවාස 25කට හානි

කේරළයේ, ත්‍රිපුනිතුර ප්‍රදේශයේ ජනාවාස ප්‍රදේශයක පවත්වාගෙන ගිය නීති විරෝධී, රතිඤ්ඤා ගබඩාවක සිදුවූ දැවැන්ත පිපිරීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් කාන්තාවන් සහ ළමුන් ඇතුළු 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්

එමෙන්ම නිවාස 25කට වැඩි ප්‍රමාණයකට සහ වෙළෙඳසල් කිහිපයකට දැඩි හානි සිදුවී ඇති අතර වාහන දෙකක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

කෙසේ වෙතත් ජනාකීර්ණ ජනාකීර්ණ ප්‍රදේශයක නීති විරෝධී ලෙස රතිඤ්ඤා තොගයක් ගබඩා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි බලධාරීහු පැවසුවේ

Share This