කොංගෝවේදී සාම සාධක භටයන් 13 දෙනෙකු මරුට

කොංගෝවේදී සාම සාධක භටයන් 13 දෙනෙකු මරුට

කොංගෝවේදී කැරලිකරුවන් සමග හටගත් ගැටුමකදී සාම සාධක භටයන් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

දකුණු අප්‍රිකාව, මලාවි සහ උරුගුව යන රටවල සාම සාධක භටයන් මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු අප්‍රිකාවේ ජාතික ආරක්ෂක බලකාය පැවසුවේ උතුරු කිවු පළාතේ අගනුවර වන ගෝමා පාලනය කර ගැනීම සඳහා තම හමුදා වෙත පූර්ණ පරිමාණ ප්‍රහාරයක් දියත් කළ අතර M23 කැරලිකරුවන් විසින් දරුණු ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙහිදී තවත් සාම සාධක භටයින් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරය ජාත්‍යන්තරයේ පාර්ශව රැසක් විසින් හෙළා දැක ඇති අතර M23 කැරලිකාර කණ්ඩායමට රුවන්ඩාවේ පිටුබලය ලැබෙන බවට චෝදනා එල්ල වුවද එරට ජනාධිපති පෝල් කගමේ එම චෝදනාවන් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This