කොංගෝ ජනරජයේ කොලරාව පැතිර යාමෙන් සොල්දාදුවන් 14ක් මරුට – 500ක් පමණ පීඩාවට

කොංගෝ ජනරජයේ කොලරාව පැතිර යාමෙන් සොල්දාදුවන් 14ක් මරුට – 500ක් පමණ පීඩාවට

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කොලරාව පැතිර යාමෙන් අවම වශයෙන් සොල්දාදුවන් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ගිනිකොනදිග Haut-Katanga පළාතේ කොලරාව පැතිර යාමෙන් තවත් 500 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද එරට හමුදාව ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇති බව සඳහන්

22 වන හමුදා කලාපයේ මුර හමුදා පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ජෙනරාල් Eddy Kapend ලුබුම්බාෂි හි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) කාර්යාලයේ නියෝජිත පිරිසක් සමග පැවති රැස්වීමකදී මරණ තහවුරු කර තිබෙනවා

යුද හමුදා කඳවුරේ පවතින අපිරිසිදු තත්ත්වය හේතුවෙන් මෙම ව්‍යාප්තිය ඇති වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

Share This