කොංගෝ රාජ්‍යයේ හමුදා බඳවා ගැනීමේ මෙහෙයුමකදී තෙරපීමෙන් 37ක් මරුට

කොංගෝ රාජ්‍යයේ හමුදා බඳවා ගැනීමේ මෙහෙයුමකදී තෙරපීමෙන් 37ක් මරුට

කොංගෝ රාජ්‍යයේ Brazzaville හි ක්‍රීඩාංගණයක හමුදා බඳවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සමහර අය Brazzaville අගනුවර ක්‍රීඩාංගණයේ ගේට්ටු හරහා බලහත්කාරයෙන් ගමන් කිරීමට උත්සාහ කළ අතර එය තෙරපීම ඇතිවීමට හේතුවූ බවයි Brazzaville ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ.

වයස අවුරුදු 18 ත් 25 ත් අතර පුද්ගලයින් 1500 ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව පසුගිය සතියේ කොන්ගෝ හමුදාව නිවේදනය කළා.

එමෙන්ම තෙරපීමෙන් බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This