කොටහේනේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

කොටහේනේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

කොටහේන බෙනඩික්ට් මාවත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක-ු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි

මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙක්

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවටයි සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ

පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා

Share This