කොතලාවල වැවේ ගිලී පුද්ගලයෙක් මරුට

කොතලාවල වැවේ ගිලී පුද්ගලයෙක් මරුට

කොතලාවල උයන්වත්ත ගිලී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා

මෙලෙස මිය ගොස් ඇත්තේ ඉංගිරිය ඇඳුරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ නගර සභාවේ ලිපිකරුවකු ලෙස සේවය කරන 34 හැවිරිදි පුද්ගලයෙක්

ඊයේ (23) ඔහු රැකියාවට ගොස් නිවසට පැමිණ අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටව ගොස් තිබෙනවා

අනතුරුව ඔහු නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සහෝදරයෙකු විසින් සෙවීමේදී ඔහුගේ යතුරුපැදිය කොතලාවල උයන්වත්ත වැවේ සොරව්ව අසල තිබී දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුවයි කිමිඳුම්කරුවන් යොදා සිදු කළ පරික්ෂාවේදී දිය යට තිබී මළ සිරුර සොයාගෙන ඇත්තේ

මියගිය පුද්ගලයා මානසික රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා අයෙක් බව සඳහන්

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ මහ රෝහල වෙත යොමු කර තිබෙනවා

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා

Share This