කොන්ක්‍රීට් වළල්ලක් ඇගට පෙරළී සිසුවෙක් මරුට
තේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙනවිත් ගාත්මෝර් දෙමළ මහා පාසල් භූමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරළීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ පාසල් සිසුවෙක් රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ මස්කෙළිය ගාඩ්මොර් වතුයායේ පදිංචි 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවෙක්.
ජීවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග අද (04) පස්වරු 1.30 ට පමණ වැසිකිලිය වෙත යාම සදහා පැමිණි අවස්ථාවේ පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් වළල්ලක් පාසල් සිසුවාගේ ඇග මතින් පෙරළීමෙන් සිසුවා වැසිකිලියේ බිත්තියට සිරවී මෙම අනතුර සිදුව ඇති බවයි මස්කෙළිය පොලිසිය සඳහන් කරන්නේ.