කොලරාව හේතුවෙන් සිම්බාබ්වේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

කොලරාව හේතුවෙන් සිම්බාබ්වේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

කොලරාව පැතිරීම හේතුවෙන් සිම්බාබ්වේ හරාරේ අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා .

මේ වන විට පුද්ගලයින් 7,000කට වඩා කොලරාව සෑදී ඇතැයි සැක කෙරෙන අතර රෝගීන් බොහෝ පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නගර බලධාරීන් පවසන්නේ මෙම කොලරාව නගරය පුරා පැතිරී ඇති අතර, 2008 වසරේදී දහස් ගණනක් මිය ගිය මතකයන් පිළිබඳ යළිත් සිහිව ඇති බවයි

කොලරාව සෑදීමෙන් පසු රෝහල් ගත කිරීම් සංඛ්‍යාව පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් අරගල කරමින් සිටින බව ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය (IFRC) සඳහන් කරනවා

පැතිරීම කළමනාකරණය කිරීමට සෞඛ්‍ය සේවකයින්ගේ හිඟකම මෙන්ම සම්ප්‍රේෂණය නැවැත්වීමට අවශ්‍ය සැපයුම් නොමැතිකම හේතුවක් වී ඇති බවද සඳහන්

Share This