කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම සිදුවන හැටි
අද (09) සිට සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ආරම්භ කරනු ලබනවා
මෙතෙක් නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වූ එම ක්‍රමවේදය අද(09) සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බවයි
ඒ අනුව වයස අවුරුදු 02 සිට වයස අවුරුදු 65 දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල සිට ප්‍රතිකාර කිරිමට නියමිතයි .
පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාදිත බවට තහවුරු වන රෝගීන්ව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවසේ සිට ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කිරීමෙන් පසුව නිවෙස්වල සිට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ආරම්භ කරනු ලබනවා .
ඒ අනුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආසාදිතයා නිවසේ සිට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙනු ඇති
පසුව දුරකථන මාර්ග ඔස්සේ සිදුකරන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වෛද්‍ය අධීක්ෂණය යටතට රෝගීයා ලක්කෙරෙනවා.
පැය 24 පුරා ක්‍රියාත්මක 1390 දුරකථන අංකය හරහාද අදාළ කටයුතු සම්බන්ධීකරණය කරනු ලබනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.