කොවිඩ් නිසා වසා දැමුණු නගර 58
කොරෝනා අවධානම හේතුවෙන් ඊයේ (18) සිට තවත් නගර 24 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් හිමියන් සහ නාගරික වෙළෙද සංගම් ස්වේච්ඡාවෙන් තීරණය ගෙන තිබෙනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා
වසා දැමුණු නගරවල ඖෂධ අලෙවිසැල් සහ ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බවයි එම සංගම් සදහන් කරන්නේ
දිවයින පුරා නගර 34 ක කඩ සාප්පු දැනටමත් වසා දමා ඇති අතර, මේ වන විට වසා දැමුණු මුළු නගර සංඛ්‍යාව 58කි.
ඒ අනුව, බිබිල, මොනරාගල, මැදගම, සියඹලාණ්ඩුව, බුත්තල, ඇඹිලිපිටිය, අයගම, කිරිඇල්ල, බදුල්ල, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, කැප්පෙට්ටිපොල, රුවන්වැල්ල, ත්‍රිකුණාමලය, හාලිඇල, ගනේමුල්ල, තවලම, තඹුත්තේගම, කඹුරුපිටිය, පදියපැලැල්ල, ඉමදූව, හැටන් කොටගල, පදියතලාව යන නගරවල කඩසාප්පු මෙන්ම වෙළෙඳ සංකීර්ණ ද ඊයේ (18) සිට මෙසේ වසා දමා තිබෙනවා .
ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බළංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, මාතලේ යටවත්ත යේලක්කරය, අනුරාධපුර, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දඹුල්ල, කහවත්ත, දිවුලපිටිය, දැරණීයගල, ඌරගස්මංහන්දිය, පල්ලේපොල, අලව්ව සහ යාපනය යන නගරවල වෙළෙදසැල් මීට දින කිහිපයකට පෙර වසා දැමුණු නගර වෙයි.
මේ අතර, පවතින කොරෝ වසංගත තතත්වය හමුවේ හොරණ නගරයේ ව්‍යාපාරික ස්ථාන හා කඩ සාප්පු ලබන අගෝස්තු මස 20 වැනිදා තෙක් වසා දමන ලෙසට එම වෙළද සංගමයෙන් ඉල්ලීමක් කරන බවද හොරණ නගර සභාවේ සභාපති වී. පියසෝම මහතා සඳහන් කරනවා