කොවිඩ් වැළඳුනු බිරිය මරා ‘වස්තුව සොරා ගෙන’ තවත් කසාදයකට සුදානම් වූ ව්‍යාපාරිකයා

කොවිඩ් වැළඳුනු බිරිය මරා ‘වස්තුව සොරා ගෙන’ තවත් කසාදයකට සුදානම් වූ ව්‍යාපාරිකයා

දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මත ඝාතනය කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් පුවතක් බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අද (22) දිනපතා පුවත්පත් ද වැඩිදුර තොරතුරු වාර්තා කර තිබෙනවා.

ඝාතනයට යොදාගත් අඩක් පිලිස්සී ගිය කොට්ටය සහ ඇඳ ඇතිරිලි ද පොලිස් බාරයට ගෙන ඇති බව ද මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගොඩවත්ත පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන අතර මෙම යුවළට වයස අවුරුදු 13ක පුතකු සහ වයස අවුරුදු 06ක දියණියක සිටින බවත් සඳහන්.

මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි බවත් සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රී 10ට පමණ ඇය නිදි යහන මතම මියගොස් සිටි බවත් වාර්තා වනවා.

මියගිය තම සහෝදරිය රෝහලට රැගෙන යන විටදී මෙන්ම රෝහලට ගිය පසුවද සහෝදරියගේ සැමියා සැකකටයුතු අන්දමින් හැසුරුණු බවත් ඔහුගේ බෙල්ලේ සීරීම් තුවාලයක් නිතරම ඇඳ සිටි කමිසයේ කොලරයෙන් වසා ගැනීමට දැඩි උත්සාහයක යෙදීම නිසා සැකයක් ඇති වූ බවත් පවසමින් මියගිය කාන්තාවගේ සොහොයුරා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇත්තේ  නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය මත මෙම මරණය සිදුව ඇති බවයි

ඇයගේ දේපල ලබා ගැනීමෙන් අනතුරුව වෙනත් කාන්තාවක හා යුග දිවියක් ගත කිරීමේ අරමුණෙන් මෙම මරණය   සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Share This