
කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරුගේ පුතු වෙඩි තබා ඝාතනය කෙරේ
බලපිටිය, කොස්ගොඩ , ගාලුපාරේ කැස්බෑ මධ්‍යස්ථානයක් තුල දි අද අලුයම 5.15ට පමණ පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දුව මෝදර කැස්බ ආයතනය හිමිකරුගේ පුත්‍රයායි.
වෙඩිතැබීම සඳහා ටී පනස් වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බව ද වාර්තා වුණා.
එය සංවිධානාත්මක අපරාධ කල්ලියක මෙහෙයවීම මත සිදු කර ඇති බව සදහන්.
වෙඩි ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරුගේ පුතා වන 23 හැවිරිදි අරුත් මැන්ඩිස් නමැති අයෙක්.